ආයුබෝවන් !    මමත් ඔන්න හා හා පුරා කියල සිංහල බ්ලොග් එකට ආවා.  ඔක්කෝටම කලින් ජයේට සිංහලෙන් අන්තර්ජාලයට ලිපි ලියන්න තැනක් දුන්නට සිංහල බ්ලොග් කරුවන්ටත් මෙය කියවන ඔබටත් බොහොම ස්තුතියි. ඊලගට ජයේට සිංහලෙන් ලියන්න මග පෙන්නපු තමීරට ත් ස්තුති කරන්නත් ඕන. මේ ලිපිය ලියන්නෙත් එයාගෙ මෘදුකාංගයේ පිහිටෙන් ම තමා.

මොනවද ඉස්සෙලම ලියන්නෙ කියල කල්පනා කරන කොට අපූරු ලිපියක් මට හමු උනා.
ලංකාවයි ඉන්දියාව යි අතර පාලමක් ගැන. හැබැයි මේක මහින්ද මහත්තයගෙ හරි ජෙනරාල් ගෙ හරි ඡන්ද පොරොන්දුවක් නෙමෙයි. එහෙමත් නැත්නම් දැනට හදාගෙන යන පාලමක් ගැන නෙමෙයි.
ඔන්න තව අගේ නොකර කාරනේට බහින්නම්. නාසා ආයතනයෙන් ගත්තු අලුත් ඡායායාරූපයක් මගින් හෙලි වෙලා තියෙනව ලංකාව යි ඉන්දියාව යි අතර තිබුනු ඉපැරණි පාලමක් ගැන.ශ්රී ලංකාව ආසන්නයෙදි ගත්තු අභ්යිවකාශ ඡායාරූපයක අපූරුවට මේ පාලමේ නටබුන් සලකුණු සටහන් වෙලා තිබුනා. ඒක කිලෝ මීටර් 30 ක් දිගලු. ඒ පාලමේ තියෙන හැඩයත් හැදිල තියෙන විදියත් බැලුවම ඒක මිනිසුන් විසින් මීට වසර 1,750,000 කට කලින්
හදපු බව තමයි ඔප්පු වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒකෙ ඡායාරූපයක්.

bridge


මේ ඡායාරූප දැක්කම කාටත් රාමායනය මතක් වෙනවා දෙකක් නෑ. පුදුමෙ කියන්නෙ ඒ පුරාවෘත්තයත් එක්ක මේ පාලම සම්බන්ධ වෙනවලු. අපේ රටට ඉස්සෙල්ලම මිනිස් වාස බිහි උනු කාලයත් මේ පාලම ඉදි වෙලා තියෙන කාලයත් සමාන බව තමා හොයාගෙන තියෙන්නෙ. මේ ලිපියෙ තියෙන විදියට නම් මේ පාලමේ නම “ආද්ම් ගේ පාලම”. ලිපිය කියවපු මට නම් තේරුනේ ඒකෙන් කියන්න හදන්නෙ ඔය පාලම දිගේ ඇවිත් ලංකාව ජනාවාස වෙලා කියලා.
ඒත් ජයේ නම් හිතන්නෙ ඊට කලින් ලංකාවෙ දියුණු ජනපද තිබිල තියෙනව. ඒ පුරාවෘත්තයේම කියන විදියට රාවණා රජ්ජුරුවොන්ට අහස් යානයක් තිබිල තියෙනවනෙ. මේ තියෙන්නෙ තව අභ්යවකාශ ඡායාරූපයක්

adamsbridge4
මේ ගැන කඩ්ඩෙන් කියවන්න මෙතනින් යන්න.

http://krishna.org/nasa-images-discover-ancient-bridge-between-india-and-sri-lanka/

No Comments »